ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුධ ගැටුම් උත්සන්න වෙමින් පැවතීම හේතු කොටගෙන මැද-පෙරදිග බොරතෙල් මිල ඉහළ යා හැකි බව ජාත්‍යන්තර විචාරකයින් මත පළ කරයි.
හමාස් සංවිධානයට සහාය පළ කිරීම නිසා ඉරානයට විවිධ වෙළඳ සම්බාධක පනවා තිබුණද තවමත් ආසියානු වෙළඳ පොළේ බොරතෙල් සපයන්නා වන්නේ ඉරානයයි.
නමුත් වත්මන් තත්වය හමුවේ මැද-පෙරදිග උණුසුම් වී තිබීම නිසා බොරතෙල් සැපයීමට බාධා ඇති වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.
අද(09) උදෑසන වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 4කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල සටහන් වූයේ ඩොලර් 86ක් ලෙසයි.