නූතන එක්සත් රාජධානියේ ළමා දාම ඝාතකයා බවට 33 හැවිරිදි ලුසී ලෙට්බි නම් හෙදියක් පත්ව තිබේ. ඇයට බිළිඳුන් හත් දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වී ඇති අතර එයට වරදකාරිය වීම ඊට හේතුවයි. තවද, චෙස්ටර් රෝහලේ දී තවත් බිළිඳුන් හය දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද ඈ වරදකාරිය වූවාය.
මේ සම්බන්ධයෙන් වන නඩු විභාගය මාස 10කට වැඩි කාලයක් මුළුල්ලේ අධිකරණයේ විභාග වූ අතර එය එක්සත් රාජධානියේ දීර්ඝතම මිනීමැරුම් සම්බන්ධ නඩු විභාගය ලෙස සැලකේ.
අදාළ නඩු විභාගයට තමන් අධිකරණයට නොපැමිණෙන බවත්, බන්ධනාගාරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදාළ ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට ඈ ට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත්, මැන්චෙස්ටර් ක්‍රවුන් උසාවියට ඇය නොපැමිණීමට හේතු ඈ අනාවරණය කර නොමැති බවත් ඇගේ නීති කණ්ඩායම අධිකරණයට පවසා තිබුණි.
ඇයට විරුද්ධව එල්ල වී ඇති චෝදනා ඔප්පු වී ඇති බැවින් ඒවාට අදාළව දඬුවම් නියම කිරීම ඉදිරියේ දී සිදුකිරීමට නියමිතව තිබේ.