ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගයෙන් ලකුණු 328කින් ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.
511ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට තරගයේ සිව්වැනි දිනයේ දී සියල්ලන් දැවි රැස්කරගත හැකි වූයේ ලකුණු 182 ක් පමණි. එහිදී බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් මොමිනුල් හක් නොදැවී ලකුණු 87ක් රැස් කළේය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ඉනිම දෙකේදී ම ශතක දෙක බැගින් රැස් කිරීම මෙම තරගාවලියේ දුටු විශේෂත්වකි. නායක ධනංජය ද සිල්වා පළමු ඉනිමේදී ලකුණු 102ක් හා දෙවනි ඉනිමේ දී ලකුණු 108ක් රැස් කළේය. ඉනිම් දෙකේදීම ඔහුට අනගි සහයක් ලබාදුන් කමිඳු මෙන්ඩිස් ලකුණු 102ක් සහ 164ක් රුස්කිරීමට සමත් විය.
බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 188ක් පමණකි.
පන්දුයැවීමේදී, කසුන් රාජිත ලකුණු 56කට කඩුලු 5ක් දවා ගත් අතර විශ්ව ප්රනාන්දු කඩුලු 3ක් සහ ළහිරු කුමාර කඩුලු 2ක් දවා ගත්හ.