ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික මහ සමුළුව අද (15) පස්වරු 2 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ය.
ඒ සඳහා පක්ෂ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු එම පක්ෂයේ මෙන්ම සහෝදර පක්ෂවල මැති ඇමතිවරුද සහභාගී වීමට නියමිතව තිබේ.
ලබන වසර මැතිවරණ වර්ෂයක් වනබැවින් ඒ සඳහා පක්ෂය නැවත ශක්තිමත් කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කරගනිමින් මෙම සම්මේලනය පැවැත්වේ.