ජනාධිපති හා පොහොට්ටුවේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
අද පෙරවරු 11.30ට පමණ ආරම්භ වූ මේ සාකච්ඡාව සඳහා පොහොට්ටු මහලේකම් නීතීඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න ඇතුළු පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ආයතන ප්රධානීන් පිරිසක් සහභාගී වී සිටිති.
පළාත් පාලන මැතිවරණය කල්යාම හේතුවෙන් නාමයෝජනා භාරදුන් තම සාමාජිකයින් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කිරීම මේ හමුවේ අරමුණ බව එහි මහලේකම් සාගර කාරියවසම් සඳහන් කළේය.