ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක් ව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාව ලේකම් ධුරයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. එලෙස රමේෂ් අමාත්‍යවරයා ව නව ලේකම් ධුරයට පත් කරමින්; නව සන්ධානයක් පිහිටුවීමට කටයුතු කරන බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දක්වනු ලබන පොහොට්ටු සාමාජිකයින් එක් ව මෙම නව සන්ධානය ගොඩනගනු ඇති. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (13) දහවල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැතිවරණය සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.