හම්බන්තොට ප්‍රදේශයට විදුලිය සැපයීම සඳහා අලුතින් ඉදිකරන ලද පොල්පිටිය-හම්බන්තොට සම්ප්‍රේෂණ මාර්ගය අද (24) ජාතික විදුලිබල පද්ධතියට එක්කර තිබේ.
ඒ අනුව, හම්බන්තොට නව උපපොළින් ඒ මාර්ගයට බලශක්තිය ලබා දුන් බව ලංවිම පැවසීය.
අලුතින් ඉදිකරන ලද පොල්පිටිය-හම්බන්තොට 220kV සම්ප්‍රේෂණ මාර්ගය එහි මූලික කටයුතු නිමවීමෙන් පසු ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ඇ.ඩො.මි 55 ක අරමුදලින් පොල්පිටිය-හම්බන්තොට අතර කිලෝ වොට් 220 සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව උපපොළ සංවර්ධනය කෙරිණි.