පූර්ණ ශ්‍රවණාබාධිතයන් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට ගෙනෙන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කර තිබේ.
ඒ අනුව 2022 වර්ෂයේ නොවැම්බර් 14 වනදා ගෙනෙන ලද කැබිනට් මණ්ඩල යෝජනාවකට අනුව ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරිණි
එම ව්‍යාපෘතියේ ප්‍රතිඵල හා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කල කමිටුවේ නිර්දේශයන් මත මෙම තීරණය කැබිනට් මණ්ඩලය ගෙන තිබේ.