ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සූර්ය බලශක්තිය තුළින් විදුලිය සපයා ගැනීමට අදහස් කරන පාරිභෝගිකයින් වෙත ප්රතිලාභ ලබා දීම වෙනුවෙන් Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar සමඟ හවුල්කාරීත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට කටයුතු කළේය.
මේ සඳහා වූ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව පසුගියදා HNB Tower හිදී පැවති අතර ඒ සඳහා HNB පාරිභෝගික බැංකු ප්‍රධානී කාංචන කරුණාගම මහතා සහ Hayleys Solar හි විධායක අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා යන මහත්වරුන් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ HNB පාරිභෝගික බැංකු ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව තිරසාර අනාගතයක් වෙත ගමන් කිරීමේදී පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම ඉතා වැදගත් වනවා. Hayleys Solar සමඟ HNB හි මෙම හවුල්කාරීත්වය තුළින් ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීමට අපි බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාවේ තිරසාර ඉලක්කයන් හා බැංකුවේ තිරසාරභාවය මෙන්ම ආයතනික ප්‍රජා සත්කාරයන් සමඟ මනාව ගැලපෙන මෙම පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් සහයෝගය ලබා දීම තුළින් තිරසාර සංවර්ධනය සමඟ වගකීම් සහගත අපගේ බැංකුකරණය එක් කිරීමේ අපගේ නිරන්තර උත්සාහය මනාව පිළිබිඹු වනවා. විශේෂයෙන් ඔබේ ප්රගතියේ සහකරුවා ලෙස පාරිභෝගිකයින්ට අවශ්‍ය පුනර්ජනනීය බලශක්තිය සපයා ගැනීමට සහ උපරිම බලශක්ති හැකියාවන් ලබා ගැනීම වෙනුවෙන් මෙම හරිත වැඩසටහන සඳහා සහායෝගය ලබා දීමට අපි කැපවී සිටිනවා” යනුවෙනි.
Hayleys Solar හි නවතම වැඩසටහන වන ‘ණයක් නොවන ණයක්’ හි එක් පියවරක් වන මෙම වැඩසටහන තුළින් වර්තමානයේ පාරිභෝගිකයින් විසින් ගෙවනු ලබන විදුලිය බිලට වඩා අඩු බැංකු වාරිකයක් සහිත ණය මුදලක් ලබා දීමට කටයුතු කර ඇත. මෙම අවම වාරිකය තුළින් ඔවුන් ලබා ගන්නා ඉතිරිය ඔවුන්ගේ පවුලේ අනාගතය වෙනුවෙන් නැවත ආයෝජනය කිරීමට හැකි වන අතරම ඉදිරි වසර 20ක කාලය සඳහා නොමිලේ විදුලිය භුක්ති විඳිය හැකි වනු ඇත.
මෙහිදී HNB ගනුදෙනුකාරභවතුන් හට සූර්ය බලශක්ති විසඳුම් ලබා ගැනීමේදී විශේෂ වට්ටම් සහ අවම පොලියක් යටතේ පුද්ගලික ණය පහසුකම් සලසා ගැනීමේ අවස්ථාව උදා කර දී තිබීම විශේෂත්වයකි. එමෙන්ම HNB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ද මීට සුදුසුකම් ලබන අතර ඔවුන්ට මාස 48ක් දක්වා පොලී රහිත ආකර්ෂණීය වාරික ගෙවීමේ පහසුකම් සහිතව සූර්ය පැනල මිලදී ගැනීමේ හැකියාව ද HNB උදාකර දී ඇත. මෙහිදී අදහස් දැක්වූ Hayleys Solar විධායක අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් පෙරේරා මහතා මහතා සඳහන් කර සිටියේ “ආර්ථික පුනර්ජීවනය සහ පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් රටක් ලෙස සිදුකරන කැපවීම් සඳහා පුනර්ජනනීය බලශක්ති අංශයට අවශ්‍ය සහයෝගය ලබා දීමේ හවුල්කාරීත්ව කැපවීම මෙම සහයෝගීතාව අලුත් කිරීම තුළින් මනාව පිළිබිඹු වනවා. උසස්ම තත්වයේ නිෂ්පාදන හා අලෙවියෙන් පසු විශිෂ්ට සේවයක් ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් HNB මූල්‍ය සේවාව පුනර්ජනනීය බලශක්තිය වෙත පිවිසීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින්ට හා ආයතනවලට සුවිසල් ශක්තියක් වනු ඇති බව අපගේ විශ්වාසයයි” යනුවෙනි.