පිරමීඩ ජාවාරම් සිදුකරන හෝ ඒවාට සම්බන්ධ සංවිධාන හෝ ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් පසුගියදා රට තුළ තහනම් පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 09 ක් තහනම් කෙරිණි.
ට්විටර් හි සටහනක් තබමින්, පිරමිඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට මහ බැංකුව අනතුරු ඇඟවීය.
බැංකු පනතේ 83C වගන්තියේ ඇති විධිවිධානයන්ට අනුව අපරාධ නඩු පැවරීමට සලකා බලන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, පිරමීඩ ජාවාරම් ක්‍රම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මහ බැංකුව විසින් තහනම් කරන ලද ආයතන 9 පහත පරිදි ය.
- Tiens Lanka Health Care (Pvt). Ltd
- Best Life International (Pvt). Ltd
- Global Lifestyle Lanka (Pvt). Ltd.
- Mark-Wo International (Pvt). Ltd.
- VML International (Pvt). Ltd.
- Fast 3Cycle International (Pvt). Ltd (F3C)
- Sport Chain App, Sports Chain ZS Society Sri Lanka
- OnmaxDT
- MTFE App, MTFE SL Group, MTFE Success Lanka (Pvt). Ltd. සහ MTFE DSCC Group (Pvt). Ltd