පාකිස්තානයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සමුගැනීම නිවේදනය කර තිබේ.
සිය වසර 15ක ක්‍රිකට් දිවියේ දී පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 27ක්, එක්දින තරග 91ක් සහ විස්සයි විස්ස තරග 36කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු කඩුළු 243 ක් ලබා ඇති අතර අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ, 2020 වසරේ දී වීම විශේෂත්වයකි.
එසේ වුවත් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා තවදුරටත් සිය දායකත්වය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශකොට තිබේ.
මේ වනවිට ඔහු එරට දේශපාලනයට ද සම්බන්ධ වී ඇති අතර ම පළාත් ක්‍රීඩා අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කරනා බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.