පාකිස්ථානු මහ මැතිවරණය මේ වනවිට ආරම්භ වී තිබේ.
පූර්ව මැතිවරණ සමයේ ඇතිවූ දැඩි ප්රචණ්ඩ ක්‍රියා සැලකිල්ලට ගෙන මැතිවරණය පැවැත්වෙන දිනයේ දී සියලුම අන්තර්ජාල සේවා සහ ජංගම දුරකථන සේවා අවහිර කිරීමට පාකිස්තාන රජය තීරණය කොට තිබේ.
කෙසේ වෙතත් මෙම ක්‍රියා මාර්ගය හරහා මිලියන 241ක් වන පාකිස්ථානුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ද විවිධ සංවිධාන මත පළකරයි.
මෙවර මැතිවරණයේ දී ඡන්දදායකයින් විසින් සිය මැතිවරණ කොට්ඨාසය නියෝජනය කිරීම සඳහා ෆෙඩරල් සහ පළාත් ව්‍යවස්ථාදායකයන් සඳහා නියෝජිතයින් දෙදෙනෙකු පත් කර ගැනීමට නියමිතව තිබේ.
ඒ අනුව ෆෙඩරල් ව්‍යවස්ථාදායකය අපේක්ෂකයින් 5,121ක් තරග වදින අතර පළාත් ව්‍යවස්ථාදායකය සඳහා අපේක්ෂකයින් 12,695ක් තරග කරයි.