සිම්බාබ්වේ – පාකිස්තාන් විස්සයි 20 තරගාවලිය
සංචාරක පාකිස්තාන ක්රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගයෙන්ද කඩුලු 10ක පහසු ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම පෙරේදා (03) සමත්විය.
බුලවායෝහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 12යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 57ක් පමණි.
ලකුණු 58ක අභියෝගයක් සඳහා පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායම පන්දු වාර 5යි පන්දු 3ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 61ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.
මේ සමගම තරග 3කින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය 2-0ක් ලෙස තමන් සතුකර ගැනීමට පාකිස්තාන කණ්ඩායමට හැකිවිය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී බ්රයන් බෙනට් ලකුණු 21ක් සහ ටී. මුරුමානි ලකුණු 16ක් ලැබීය.
පන්දු යැවීමේදී සුෆියන් මුකේම් ලකුණු 3කට කඩුලු 5ක් සහ අබ්බාස් අෆ්රිඩි ලකුණු 2කට කඩුලු 2ක් බිඳහෙලීය.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සයිම් ආයුබ් නොදැවී ලකුණු 36ක් සහ ඔමායිර් යුසුෆ් නොදැවී ලකුණු 22ක් ලැබීය.
තරගයේ වීරයා ලෙස සුෆියන් මුකේම් සම්මාන ලැබීය.