ප්‍රාථමික අංශයේ මිලියන 1.6 ක් වන සියලුම සිසුන් ආවරණය කරමින් ලබන වසරේ සිට පාසල් දිවා ආහාර වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
ලෝක ආහාර වැඩසටහන් මගින් සංවිධානය කරන මේ මස 18 සහ 19 යන දෙදින පුරා පැවැති “ලෝක ආහාර වැඩසටහනේ” ප්‍රථම ගෝලීය සමුළුව අමතමින් ඔහු මේ බව පැවසීය.