රජත සම්මාන ලාභී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා මහතා ඊයේ (25) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 89 වියේ පසුවිය.
රජයේ චිත්‍රපට දෙපාර්තමේන්තුවේ සේවය කළ ඒ මහතා එහි සිටියදී නිෂ්පාදනය , අධ්‍යක්ෂණය කළ මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටයට1962 චසරෙ ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී රජතමයුර සම්මානය දිනා ගැනීමට ගැනීමට හැකි විය.
හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමා ලෝලීන්ගේ නොමද ආකර්ෂණය දිනාගත් විජය කුමාරණතුංග සිංහල සිනමාවට හඳුන්වා දීමේ ගෞරවයද ඔහුට හිමි වේ .එම චිත්‍රපටයෙන් වෘත්තාන්ත සිනමාකරණයට පිවිසි ඒ මහතා ඉන් පසු පෙම්බර මධු ඉන්දුට මල් මිටක්ආදි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය.
පෙම්බර මධු චිත්‍රපටිය අවසාන දෙකක් සහිතව ඉදිරිපත් කිරීමෙන් නව අත්දැකීමක්ද සිනමාවට යොමු යොමු කළ අයෙකි. ඒ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.