දිවයිනේ උතුරු මැද, නැගෙනහිර උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයක් හා මොණරාගල දිස්ත්‍රික්කයට අද(25) දැඩි උණුසුම් සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දැනුවත් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිකුත් කරන ලද නිවේදනයට අනුව මහජනතාව අද දිනයේ ප්‍රමාණවත් තරම් ජලය පානය, සෙවන ඇති ස්ථානයන් හි රැඳී සිටීම, එළිමහනේ අධික වෙහෙසකාරී වැඩ වල යෙදීමෙන් වැළකීම, හැකිතාක් සුදු හෝ ළා පැහැති ඇදුම් භාවිතා කිරීම වැනි උපදෙස් ලබා දී තිබුණි.
මීට අමතරව අධික උණුසුම් හා වියලි කාලගුණයත් සමග අක්ෂි සෞඛ්‍යය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ, මෙම කාලගුණ තත්ත්වය හමුවේ ඇස්වල විවිධ සංකූලතා මතුවිය හැකි බවයි.
දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව 280,230 දක්වා දිහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම දිස්ත්‍රික්ක 18 ක ජනතාව ජල හිඟය නිසා පීඩාවට පත්ව ඇති බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළහ.