සංශෝධනයට ලක් කිරීමෙන් පසුව කර නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අධිකරණයට යෑමට සූදානමක් ඇති බව සමගි ජන බලවේගය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, මෙම පනත කුමන ආකාරයෙන් සංශෝධනය කළ ද එයට විරෝධය පළකරන බවය.
ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී විවිධ පාර්ශවයන් ඒ සම්බන්ධව සිය විරෝධය පළ කළ අතර ලෝක සංවිධාන රාශියක් ද ඒ අතර විය. පසුව නැවත වරක් එම පනත සංශෝධනය කිරීමෙන් පසුව ගැසට් ගත කළ ද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව එළඹෙන දින 14 ක කාලය තුළදී ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ඉඩ ලැබෙන බැවින් ඒ සම්බන්ධව සිය විරෝධ්ය දැක්වීමට අධිකරණය ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.