පසුගිය ඔක්තෝබර් මාසයේ රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 109 ක ආදායමක් උපයා තිබේ. එය මසක් තුළ රේගුව ඉපැයූ ඉහළම ආදායම ලෙස ද වාර්තා වේ.
බදු රැස්කිරීමේ ක්රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම මෙලෙස ආදායම ඉහළ යෑමට ප්රධානම හේතුව වන බව ද රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ පැවසීය.
ඒ අනුව මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි රේගු දෙපාර්තමේන්තුව අපේක්ෂා කෙරේ.