ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛතම දිරිගන්වන්නෙක් වූ පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 87 කි.
කලක් රෝගීව පසුවූ ඔහු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් දැනුම් දුන්නේය.
1979 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ කළ සංචාරයේ දි ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිගන්වන්නෙකු ලෙස එක්වූ ඒ මහතා දශක 5 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්රමුඛත්ම දිරිගන්වන්නා විය.
ඔහු ලෝක ක්‍රිකට්ලෝලීන් ආමණ්ත්‍රණය කළේ “අංකල් පර්සි” යන නමිනි.