ප්‍රවීන රංගධරයෙකු, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, ලේඛකයෙකු, ගේය පද රචකයෙක් මෙන්ම ගායකයෙකු ද වන ජැක්සන් ඇන්තනී අද(09) අලුයම අභාවප්‍රාප්ත වූ බව එම පවුලේ ඥාතීන් සඳහන් කළහ.
සිනමා පටයක රූපගත කිරීම් නිම කොට නැවත පැමිනෙන අවස්ථාවේ දී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් බරපතල තුවාල ලැබීමෙන් පසුව කොළඹ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර කළ අතර එහි මාස 14ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියේය.
1958 රාගම දී උපත ලද ඒ මහතා මියයන විට 65 වන වියේ පසුවිය.
ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන යාමට රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස විශිෂ්ට සේවාවක් ඉටු කළ ඒ මහතා දෙස් විදෙස් සම්මාන ගණනකට හිමිකම් කියන අතර සිය අත්දැකීම් අනාගත දරු පරපුර වෙනුවෙන් ලබාදීම වෙනුවෙන් ද අතිවිශාල කැප කිරීමක් ද සිදුකරනු ලැබීය.
එම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12) සිදු කරනා බව පවුලේ ඥාතීන් දැනුම් දෙයි. දේහය අද සවස අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කරන බව ඥාතීන් වැඩිදුරටත් දැනුම් දෙයි.