චීනයේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩපිළිවෙළට නේපාලය ද එක් වී සිටී. නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලී, චීනයේ බෙයිජීං අගනුවරට ගොස් ඡීන ජනාධිපති ෂී ජින්පින් හමුවී, චීනයට සමීප වී චීනය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ප්‍රතිඥා දුන්නේය.
චීනයේ එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩසටහනට නේපාල රජය කැමැත්ත පළ කිරීමත් සමඟ නේපාලයේ ප්‍රධාන මාර්ග පහක් කඩිනමින් අලුත්වැඩියා කිරීමටත් නවීකරණය කිරීමටත් චීන රජය සහාය දැක්වීමට නියමිත බව ද වාර්තා වේ.
චීනයේ එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩසටහන යටතේ තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් චීන රජයේ අනුග්‍රහයෙන් නේපාලය තුළ සිදුවනු ඇත. නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලී චීනයට සමීප වී, චීනයේ එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩපිළිවෙළ හා සම්බන්ධ වීම ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතුවක් වී ඇත. ඒ, ඉන්දියාවත් චීනයත් අතර පවතින අර්බුද හේතුවෙනි.