චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගයක දී නව ලෝක වාර්තා 3ක් බිහි කිරීමට නේපාල කණ්ඩායම අද(27) සමත් විය.
මොංගෝලියාව අතර පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නේපාලය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 03 ට ලකුණු 314ක් රැස් කිරීමට සමත් විය. මෙය පන්දුවාර 20 තරගයක කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුෂාල් මල්ලා පන්දු 34 කින් වේගවත් ශතකයක් ලබාගත් අතර එය වාර්තා අතරට එක්වූයේ නෝපාල ක්‍රීඩකයෙකු ඉනිමක දී රැස් කළ වේගවත්ම ශතකය ලෙසයි.
මීට අමතර ඩිපෙන්ද්‍ර සිං පන්දු 09 කින් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර එය නේපාලය පිහිටවූ තවත් ලෝක වාර්තාවක් විය.