සුප්‍රකට නර්තන කලායතනයක් වන ‘With My Feet’ හි නිෂ්පාදනයක් වන, ප්‍රවීණ හා ජනප්‍රිය නර්තන නිර්මාණ ශිල්පිනී නයෝමි රාජරත්නම්ගේ ‘Epic Black’ නර්තන ප්‍රසංගය 2024 අගෝස්තු 9, 10 සහ 11 යන දිනවල කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනු ඇත. With My Feet කලායතනය සමග සම්බන්ධ වී සිටින විශිෂ්ට නර්තන ශිල්පීන් හා ශිල්පිනියන් විශාල පිරිසක් මෙම ප්‍රසංගයට දායක වෙති. එමෙන්ම මෙය දීර්ඝ කාලයක් පුරා With My Feet කලායතනයේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවුණු, මෙම වසරේ පෙබරවාරි 13 වන දින අභාවප්‍රාප්ත වූ ට්‍රෙවර් රාජරත්නම් මහතාට පිදෙන උපහාරයක්ද වේ. ඒ මහතා ජීවත්ව සිටි කාලයේදී Mackinnons Travels හි ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති සහ ආධුනික නර්තන සංගමයේ සභාපති යන තනතුරුද දැරී ය. ඒ මහතා ලබාදුන් පිටුබලය තුළින් පන්නරය ලබමින් සහ ඒ මහතා විසින් ඉටුකරන ලද යාවජීව මෙහෙවරට උපහාරයක් වශයෙන් ‘With My Feet’ කලායතනය සහ එහි සාමාජික සාමාජිකාවන් විසින් මෙම නර්තන ප්‍රසංගය පවත්වනු ඇත.
2000 වර්ෂයේදී ආරම්භ වූ With My Feet කලායතනය අතිශයින් ජනාදරයට පාත්‍ර වූ නර්තන නිර්මාණ රැසක්ම එළිදැක්වීමට සමත් වී තිබේ. My Feet (2000), With My Feet Through Time (2003), Celebrations (2005), Ensemble (2006), Living Stones (2008), Resurrection (2017), Grace & Glory (2019) සහ Absolute Joy (2022) යන නිර්මාණ මෙන්ම, මෙරටට ප්‍රථම ‘Dinner dance theatre’ සංකල්පය හඳුන්වා දීමට ඉවහල් වූ Dance Epicure (2023) ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.
Epic Black යනු Latin American, Ballroom, Contemporary සහ Fusion වැනි නර්තන සම්ප්‍රදායන් රැසකින් ආභාසය ලැබූ නිර්මාණයකි. එමෙන්ම ජාත්‍යන්තර තලයේදී විවිධ ඇගයීම්වලට ලක් වූ ශිල්පීන් හා ශිල්පිනියන් පිරිසක් එයට දායක වෙති. මේ අතරට එක්සත් රාජධානියේ ජාතික ශූරතාව 5 වරක් හිමිකරගත් ගනර් ගනර්සන් සහ ‘Blackpool Open Smooth Champion’ කිරුළ හිමිකරගත් මනුජා හියුස් ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව ‘Professional Ballroom European Champion’ සහ ‘Professional World Champion’ ලෙස කිරුළු පැළඳු රෝමන් සුකොම්ලින් සහ ජැකී ස්ටීවන්සන්ද මීට දායක වෙති. මේ විශිෂ්ටයන්ගේ අපූර්ව නර්තන රිද්මයන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට සදානුස්මරණීය අත්දැකීමක් තිළිණ කරනු නො-අනුමාන ය.
Epic Black හි මූලික තේමාව වන්නේ ‘අඳුරේ සිට ආලෝකයට’ යන්නයි. එමගින් ජීවිතයේ ගමන් සහ පරිවර්තනයන් සංකේතවත් වේ. මෙම තේමාව Epic Black නිර්මාණයේ නිෂ්පාදනය, සංගීතය, රංග වස්ත්‍ර නිර්මාණය සහ වේදිකා ආලෝකකරණය ඇතුළු සියල්ලටම ආභාසය සපයා ඇත. නයෝමි රාජරත්නම්ටම ආවේණික වූ සුවිශේෂී නර්තන සම්ප්රදාය මෙම ප්‍රසංගයේ පදනම වනු ඇති අතර, එය සුපුරුදු පරිදිම ප්‍රේක්ෂක හදවත් රසාලිප්ත කරනු නිසැක ය.
නයෝමි රාජරත්නම් යනු නර්තනයට පමණක් සීමා වූ ශිල්පිනියක් නොවේ. ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල වෙසෙන, නර්තනයට සහජ දක්ෂතා ඇති තරුණ තරුණියන්ට දේශීය හා ජාත්‍යන්තර කරළිය ජයගැනීම සඳහා අත්වැලක් වීමට ඇය දීර්ඝ කාලයක පටන් කැප වී සිටී. එමෙන්ම ප්‍රජා සත්කාරයන් වෙනුවෙන්ද ඇය අතීතයේ පටන්ම සිය දායකත්වය ලබා දී තිබේ. ඒ අනුව මීට පෙර ප්‍රසංගවලදී මෙන්ම Epic Black ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන්ද කොටසක් වැලිසර දෙව් සිරි සෙවණ වැඩිහිටි නිවාසය වෙත පරිත්‍යාග කෙරෙනු ඇත. මෙම වැඩිහිටි නිවාසය ජාති ආගම් භේදයකින් තොරව අසරණ වැඩිහිටියන් හට සෙවණ සලසයි.
මෙම නර්තන ප්‍රසංගයේ වැදගත්කම සම්බන්ධයෙන් නයෝමි රාජරත්නම් මහත්මිය මෙසේ අදහස් පළකළා ය. “Epic Black යනු ජීවිතය හා එහි ඔරොත්තු දීමේ හැකියාව සැමරීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම ප්‍රසංගය තුළින්, අප තුළ ඇති ආලෝකය මෙන්ම ජීවිතයේ චක්‍රීය ස්වභාවය ප්‍රාසාංගික ලෙස ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම මෙය දීර්ඝ කාලයක් පුරා මටත් ‘With My Feet’ කලායතනයටත් දැවැන්ත ශක්තියක් වුණු, මගේ ස්වාමිපුරුෂයා වූ ට්‍රෙවර් රාජරත්නම් වෙත පිදෙන උපහාරයක්ද වනවා. නර්තනය සහ ජීවිතය සම්බන්ධයෙන් ඔහු තුළ තිබූ ආශාව, අඳුරුම අවස්ථාවලදී පවා ආලෝකය සොයාගැනීමට අපට ශක්තියක් වුණා. මෙම නර්තන ප්‍රසංගය තුළින් ඒ ශක්තිය අපගේ ප්රේක්ෂකයන්ටත් ලබාදීමට අප බලාපොරොත්තු වනවා.”
මෙවර Epic Black ප්‍රසංගය කළමනාකරණය කරනු ලබන්නේ දක්ෂයන් පිරිසකගෙන් සමන්විත නව කණ්ඩායමක් විසිනි. මෙම ප්‍රසංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පමණක් නොව විදේශයන්ගි පවා පුළුල් ප්‍රචාරයක් ලබාදීමට ඔවුන් සමත් වී තිබේ. ජනප්‍රිය ජාත්‍යන්තර නර්තන ශිල්පීන් හා ශිල්පිනියන්ද සහභාගී වන බැවින් දැනටමත් මෙම ප්‍රසංගය සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් අතර සුවිශාල උනන්දුවක් ඇති වී තිබෙන අතර, ඔවුන්ගේ ඉල්ලීම් සපුරාලීම සඳහා ඩිජිටල් ආසන පහසුකම් සැපයීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.
With My Feet කලායතනය, මේ සඳහා අනුග්‍රහය සපයන යුනියන් ඇෂුවරන්ස් (ප්‍රධාන අනුග්‍රාහකයා), Sri Lankan Airlines, Cinnamon Grand Colombo, Warehouse Project, Maliban Biscuits, South Beach Weligama, SOZO, Mackinnons Travels, Elephant House, Shangdong Chinese Kitchen යන අනුග්රාහකයභවතුන් වෙත සිය කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතර, Dimitri Crusz Photography ඡායාරූපකරණයෙන් ද, Wijeya Publications මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන්, සහ Sun FM විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහයෙන් ද මෙම උත්සවය සාර්ථක කර ගැනිමට දායක වී තිබේ.
ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම හෝ වෙනත් තොරතුරු සඳහා www.withmyfeet.com වෙත පිවිසෙන්න. නැතිනම් 077 775 0786 අංකයෙන් කුෂාන් සෙනෙවිරත්න අමතන්න.