මහනුවර ඓතිහාසිය ඇසල පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර ඊයේ (22) රාත්රියේ වීදි සංචාරය කෙරිණි. එහිදී විශ්ණු දේවාලයට අයත් අලි දෙදෙනෙකු කුලප්පු වී පෙරහැරේ ඉදිරියට පැමිණි අතර එයින් කලබලයට පත් දළදා මාළිගාවේ අලි දෙදෙනෙකු ද ප්රවේගකාරීව හැසිරෙන්නට විය. මාළිගාවට අයත් අලි දෙදෙනා සන්සුන් කර පෙරහැරේ ඉදිරියට ගෙන යාමට අලි භාරකරුවන් සමත් වූ නමුත් අනෙක් අලි දෙදෙනා තවදුරටත් ප්රවේගකාරීව හැසිරීම නිසා රැජිණ හෝටලය ආසන්නයේ ගාල් කොට තබා ගැනීමට අලි භාරකරුවන් සමත් විය. එම කලබලයේ දී කාන්තාවක ද තුවාල ලැබීය.
තුවාල ලැබූ කාන්තාව මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් තිදෙනෙකු නුවර වැවට වැටී තිබුණි. වැවට වැටුණු පිරිස පොලීසිය හා ජීවිත ආරක්ෂා බළධාරීන් එක්ව බේරාගෙන තිබේ.