ඉන්දු – කැනඩා විරසකයකට මුල පිරීමක් ?
කැනේඩියානු සම්භවයක් ඇති සික් ජාතික නායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඉන්දීය රජයේ සම්බන්ධයක් ඇති බවට විශ්වසනීය සාක්ෂි, කැනේඩියානු ඔත්තු සේවය සතුව පවතින බව එරට අගමැති ජස්ටින් ටෘෘඩෝ අවධාරණය කරයි.
පසුගිය ජූනි මස 18 වනදා කැනඩාවේ සික් දෙවොලක් අසල වෙස් මුහුණු පැළඳ පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ 45 හැවිරිදි හර්දීප් සින්ග් නිජ්ජාර්, සික් ජාතීන්ගේ නායකයෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලීය.
කැනේඩියානු භූමියේදීම එරට පුරවැසියෙකු ඝාතනය කිරීම මගින් ඉන්දියාව තම රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කර ඇති අතර ම භාෂණයේ නිදහස සහ ප්රජාතන්ත්රවාදී සමාජයක පැවැත්මට ඉන් බාධා එල්ලවන බව අගමැති ටෘෘඩෝ ඉන්දියාවට චෝදනා කළේය.
මේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව ඒ සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් කැනඩාව විසින් ඉන්දියානු රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිළධාරියෙකු වූ පවන් කුමාර් රායි සේවයෙන් පහ කිරීමත් සමඟ ඉන්දියාව ද එයට එකට එක කිරීමක් ලෙස එහි සේවය කළ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ද සේවයෙන් නෙරපා හරින ලදී.
පසුගියදා පැවැති ඉන්දියාවේදී පැවැත්වුණු G20 සමුළුව අතරතුර දී ද අගමැති නරේන්ද්‍ර මෝදි හා ටෘෘඩෝ අතර මේ සම්බන්ධයෙන් උණුසුම් සංවාදයක් ඇතිවෙනු දකින්නට ලැබුණි.
ඉන්දියාවේ 2% වන සික්වරුන්ට “ඛාලිස්ථාන්” නමින් ස්වාධීන බලතල සහිත වෙනම රාජ්‍යක් අවශ්‍ය බවට බෙදුම්වාදී මතයක් දිගු කලක සිටම පවතින අතර 1970 දශකයේ සික්වරු ඉන්දියානු බෙදුම්වාදී කැරැල්ලක් දියත් කරන ලද නමුත් එය සාර්ථකව මැඩ පැවැත් වීමට හැකිවූයේ විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි කරමින් ය. නිජ්ජාර් ද එම මතය සඵල කරගැනීම වෙනුවෙන් අතීතයේ සිටම පෙනී සිටි පුද්ගලයන්ගෙන් අයෙකු ලෙස සැලකෙයි.
එම නිසා ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස හංවඩු ගසා ඇති අතර ම ඔහුගේ ආධාරකරුවන් පවසන චෝදනා පදනම් විරහිත බවත්, ඔහුගේ ක්‍රියාකාරීත්වය නිසා ඔහුට පසුගිය කාලයේ දී තර්ජන එල්ල වූ බව ද ඉන්දීය රජය පවසති.
සික් ජනගහනයෙන් මිලියන 1.4 සිට 1.8 දක්වා වූ ප්‍රමාණයක් කැනඩාවේ වාසය කරන අතර පංජාබයෙන් පිටත විශාලම සික් ජනගහනයක් සිටින රට වන්නේ ද කැනඩාවයි. ඊට අමතරව එක්සත් රාජධානියේ ද සික්වරු බොහෝ පිරිසක් සිටිනු දැකිය හැකිය.
රසිත ජයවීර