ශ්‍රී ලංකාවේ නව ආයෝජන කලාප සංවර්ධනය කිරීම සඳහා ජනපති විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබේ.
එම යෝජනාවට අනුව උතුරු, නැගෙනහිර, වයඹ සහ දකුණු පළාතේ නව ආයෝජන කලාප ස්ථාපනය කිරීමට නියමිතව තිබේ.
තවද මාන්කුලම්, පරන්තන් ප්‍රදේශයන්හි පිහිටි රසායන ද්‍රව්‍ය සමාගම් පරිශ්‍රය සහ කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථා පරිශ්‍රය පිහිටි ප්‍රදේශයන් ද නව ආයෝජන කලාප ලෙස ස්ථපනය කිරීමට යෝජනා වී තිබේ.
තවද ඉරණවිල, ත්‍රිකුණාමලය, බිංගිරිය, හා හම්බන්තොට යන ප්‍රදේශ වලද නව ආයෝජන කලාප ඉදිකිරීමට ජනපති යෝජනා කර තිබේ.
එම කැබිනට් යෝජනවේ වැඩිදුරටත් සඳහන් වන පරිදි යෝජිත ආර්ථික කලාප සංවර්ධනය අවශ්‍ය තාක්ෂණික සහාය ආසියානු සංවර්ධන බැංකුව සැපයීමට තීරණය කොට තිබේ.