ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් ඊයේ (05) ලෝකශූර එංගලන්තය හා නවසීලන්තය අතර පැවැති තරගයෙන් කඩුලු 09 ක විශිෂ්ට ජයක් ලැබීමට නවසීන්තය සමත් විය.
තරගය අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති අතර කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන් අතර ඔවුන් සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 09 ට ලකුණු 282ක් රැස් කිරීමට සමත් විය.
එහිදී අගනා ඉනිමක් දියත් කළ ජෝයි රූට් ලකුණු 77ක් සහ ජොස් බට්ලර් 43ක් රැස්කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී මැට් හෙන්රි ලකුණු 48ට කඩුලු 3ක් හා ග්ලෙන් පිලිප්ස් ලකුණු 17 කඩුලු 2 දවා ගත්හ.
පිළිතුරු ලකුණු 283ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි නවසීලන්තය පන්දුවාර 36.2 කදී එම ඉලක්කය පසුකිරීමට සමත් විය.
එහිදී විශිෂ්ට ඉනිම් දෙකක් ක්‍රියාත්මක කළ ඩෙවෝන් කොන්වේ සහ රචින් රවීන්ද්‍ර නොබිඳුණු ලකුණු 273 ක සබඳතාවක් පිහිටවූ අතර කොන්වේ ලකුණු 152කුත්, රචින් රවින්ද්‍ර ලකුණු 123කුත් ලබා ගත්හ.
තරගයේ වීරයා රචින් රවීන්ද්‍ර
රසිත ජයවීර