පසුගිය තුන් වසර තුළ සිදුවූ නවක වද සිද්ධීන් පිළිබදව වාර්තාවක් ලබන නොවැම්බර් 10 වනදාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනා ලෙස සියලුම රජයේ විශ්වවිද්‍යාල වලට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.
2020 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවකවදය අතරතුර පළමු වසර සිසුවෙකු වූ පසිඳු හර්ෂණ නම් සිසුවාගේ හිසට ටයරයක් වැටීම නිසා බරපතල තුවාල ලැබූ ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොණු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සැලකිල්ලට ගනිමින් ශ්‍ර්‍රේෂ්ඨාධිකරණය රජයේ සියලුම විශ්වවිද්‍යාල වෙත මෙම නියෝගය ලබා දී තිබුණේය.
බුවනෙක අලුවිහාරේ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ මෙම පෙත්සමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර තිබෙන දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටීමට තීරණය කර ඇති බවයි.
එම නිසා අදාළ වාර්තා පෞද්ගලික නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකාර විශ්වවිද්‍යාල වෙත නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දෙන බවත් ඇය වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණාය.
කෙසේ වෙතත් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන පොලිස්පතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයා තව දුරටත් පෙනී සිටින බවත් ජ්‍යේෂ්ඨ රජයේ නිතිඥවරිය පෙන්වා දී තිබේ.