නයි මිරිස් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.මේ වන විට නයිමිරිස් කිලෝග්‍රෑමයක මිල රු.500 – රු.1100 අතර පවතින බවයි, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසන්නේ.නයිමිරිස් කිලෝවක මිල රු.1000 ඉක්මවා ඇති බැවින් වෙනත් මිරිස්වලට වඩා නයිමිරිස් වගා කිරීමට වැඩි වශයෙන් ගොවීහු පෙළඹී සිටින අතර මින් පෙර මෙතරම් වැඩි මිලකට නයිමිරිස් අලෙවි නොවූ බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන්නේ.වෙනත් මිරිස් වගාවන්ට මෙන් නයිමිරිස් වගාව සඳහා එතරම් සාත්තුවක් අවශ්‍ය නොවන අතර මෙහි අස්වැන්න ද ඉතා හොඳ මට්ටමක පවතින නමුත්, අක්කරයක නයිමිරිස් වගාවෙන් රු.300000 ට අධික ආදායමක් ලැබිය හැකි බවත් ගොවීන් පවසනවා.