පසුගිය වසරේ පැවැති 20 – 20 ලෝක කුසලානය අතරතුර දී කාන්තාවක් අපයෝජනය කළා යැයි චෝදනා එල්ල වූ ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ඕස්ට්‍රේලියාවේ ඩවුනිං සෙන්ටර් අධිකරණයේ විනිසුරු සාරා හගට් අද (28) තීරණය කරන ලද අතර නඩුවේ තීන්දුව ලබා දෙමින් ඇය සඳහන් කර සිටියේ ධනුෂ්ක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීම නිසා ඔහුව අපකීර්තියට පත් කිරීමේ චේතනාවක් ඈ ට තිබෙන්නට ඇති බවය.
මෙම සිදුවීම නිසා ඔහුට මාස 11 කාලයක් ඕස්ට්‍රේලියාවේ රැදී සිටීමට සිදුවූ අතර ඒ කාලය අතරතුර ඔහුගේ නීතිමය කටයුතු සඳහා වන වියදම් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු ලැබූ අතර මේ වනවිට ධනුෂ්කගෙන් එම මුදල් සියල්ල අය කරගෙන ඇති බව ක්‍රිකට් ආයතනය සඳහ කරයි.
ඒ අනුව ඔහුට ක්‍රිකට් ආයතනය විසින් පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීමේ හැකියාවක් පවතින බව ද එම ආයතනය නිවේදනය කොට තිබුණි.
එරටින් ලැබෙන ආරංචි මාර්ග අනුව ධනුෂ්ක ගුණතිලක ලබන නොවැම්බර් මස දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
රසිත ජයවීර