ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කගේ තහනම ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
ඔහු පවසන ආකාරයට ධනුෂ්කට එරෙහිව ක්‍රිකට් තහනම ක්‍රියාත්මක වූයේ අධිකරණයට වාර්තා කොට නීතිපති උපදෙස් පරිදි වන බැවින් එම තහනම ඉවත් කළ යුතු වන්නේ නීතිපති සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවයි.
මෙම නඩුව තවමත් අධිකරණය ඉදිරියේ පවතින බැවින් අධිකරණයට කරුණු වාර්ථා කිරීමෙන් පසුව ඉදිරි තීරණ ගත යුතුබව ඔහු වැඩිදුරටත් පැවසීය.