රජයේ පාසල්වල දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අදින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසිය. ඒ අනුව මේ දෙවන අදියර ලබන ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
පෙරහැර සමයේ ඇතිවන දැඩි රථවාහන තදබදය අවම කර ගැනීමේ පිළියමක් ලෙස මහනුවර ඇසල පෙරහැර පැවැත්වෙන ඉදිරි දින තුනක කාලයේ මහනුවර හා ඒ අවට පාසල් වසා තැබීමට තීරණය කර තිබේ.