දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් සංගමය වැටුප් වර්ධක සම්බන්ධව ඇතිවූ ගැටලුවක් මුල් කරගනිමින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය අද උදෑසනද පවතිනු දක්නට ලැබුණි. මේ හේතුවෙන් අද දිනයේ ධාවනයට යෙදී තිබුණු දුම්රිය ගමන් වාර 20ක් අවලංගු විය.
අද දිනයේ සිය රැකියා ස්ථාන සඳහා යාමට පැමිණි දුම්රිය මගීන් විශාල පිරිසක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් විය.
මේ වර්ජනය පිළිබඳව අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක පැවසූයේ, එංජින් රියදුරු ශ්‍රේණියේ වසර ගණනාවක් තිස්සේ පවතින වැටුප් කේතයක් නොමැතිකමින් එම ශ්‍රේණීයට අදාළ ව ලැබීමට ඇති උසස් වීම් ලබාගැනීමේ ගැටළුවත්, බඳවා ගැනීමේ පටිපාටියක් නොමැති වීමත් නිසා එම කණ්ඩායම් දෙකම අපහසුතාවයට පත්ව ඇති බවත් මේ හේතුව මුල් කරගනිමින් තම සංගමය විසින් දිගින් දිගටම අදාළ බලධාරීන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් ලබා ගැනීමට උත්සාහ කළ බවත් මීට සති 2කට පෙර ජනපති, අගමැති,ප්‍රවාහන ඇමති සහ දුම්රිය සාමාන්‍යාධිකාරී යන අයද දැනුවත් කර ඇති බවත් සඳහන් කරන හෙතෙම එම පාර්ශව වලින් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට හේතු වූ බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් නොමැති නම් සියලුම රියදුරන් සම්බන්ධ වී මේ වෘත්තීය ක්‍රියාමාර්ගය තව දුරටත් ඉදිරියට කරගෙන යන බව වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර අද උදෑසන දුම්රියේ ඇතිවන මගී තදබදය හේතුවෙන් දුම්රියේ වහලය මත ගමන් කළ 20 හැවිරිදි තරුණයෙකු ධාවනය වන දුම්රියෙන් වැටී මරණයට පත්ව ඇති බව ද වාර්තා වේ. ඔහු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.