දුම්රිය උප නියාමකවරුන් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද (05) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අතර පැවැති සාකච්ඡාවකින් පසු අවසන් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ලෙඩ නිවාඩු වාර්තා කරමින් නිවාඩු ලබා සිටි උප නියාමකවරුන් සේවයට වාර්තා කරමින් සිටින බවත් සවස් වනවිට දුම්රිය ධාවනය යථා තත්වයට පත්වනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.