දිවැස ෆාමා සමාගම NMRA හි රෙගුලාසි අනුගමනය කර ඇති බව අවධාරණය කරයි.
දිවැස ෆාමා සමාගම පිළිබඳ පසුගිය දා පාර්ලිමේන්තුවේදී එල්ල කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් සත්‍ය පැහැදිලි කිරීම, 2018 අගෝස්තු 18 වැනිදා සිට සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරිය ^NMRA& විසින් තොග වශයෙන් ඖෂධ අලෙවිය හා බෙදාහැරීම සදහා බලපත්‍රලාභී සමාගමක් ලෙස ලියා පදිංචි කර ඇති අතර, එය අද දක්වා අඛණ්ඩව යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව, දිවැස ෆාමා සමාගම, කොවිඩ් -19 සඳහා PCR සහ රැපිඩ් ඇන්ටිජන් ^RAT& කට්ටල ඇතුළු ජෝර්ජ ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමෙන් ^GSH& ආනයනය කරන ලද නිෂ්පාදන කිහිපයක් සඳහා දේශීය බලයලත් බෙදාහරින්නෙකු බවට පත් විය. දිවැස ෆාමා සමාගම විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නියම කරන ලද එක් පරීක්ෂණයක් සඳහා වූ මිල නියමයන්ට අනුව එම මිලටම හෝ ඊට අඩු මිලකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන වලට PCR සහ RAT කට්ටල නීත්‍යානුකූලව අලෙවි කරනු ලැබ ඇත.
කිසිඳු අවස්ථාවක දිවැස ෆාමා සමාගම ශ්‍රී ලංකාවට PCR හෝ RAT කට්ටල ආනයනය කර නොමැත.
රජයේ සෞඛ්‍ය සේවා ආයතයන්ට අවශ්‍ය මෙවලම් සැපයීමේ දී අනුගමනය කල යුතු නිත්‍යානුකුල ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසියාකාරව පූර්ණය කිරීමෙන් අනතුරුව දිවැස ෆාමා සමාගම දේශීය බලයලත් බෙදාහරින්නෙකු ලෙස සිය මෙහෙයුම් කටයුතු සිදු කර ඇත. දිවැස ෆාමා සමාගම 2012 වර්ෂයේ දී සංස්ථාපිත සමාගමකි. දිවැස ෆාමා සමාගම සිය අනන්‍යතාවය යටතේ ඖෂධ සහ රෝග විනිශ්චය ^Diagnostic& කිරීමේ මෙවලම් ආනයනය හා බෙදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වලංගු බලපත්‍ර හිමි සමාගමකි.