දිවයිනේ ප්‍රදේශ රැසකට අද (13) දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවයිනේ ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි අතර දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ, නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ද ඊයේ (12) පස්වරුවේ සිට යළි දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
එලෙස අනතුරු ඇගවීම් නිකුත් කළ ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කෑගල්ල, රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් විය.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ 101 වන කිලෝමීටරය අසළින් පසුගිය දා නාය යාමට ලක් වූ කොටස මෙතෙක් යථා තත්ත්වයට පත් කර නොමැත.