දිවයිනේ පළාත් කිහිපයකට අද(29) දිනයේ වැසි ඇද හැළෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව දැනුම් දෙන කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සඳහන් කරයි.
ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු පිළිබඳ සැලකිමත් වන ලෙස ද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
අද සිට සැප්තැම්බර් 7 වැනි දා දක්වා සූර්යයා, ශ්‍රී ලංකාව ඉහළින් සෘජුවම ගමන් කරනා බව සඳහන් කරනා එම ආයතනය අද දින හිරු පලවි සහ චලෙයි ප්‍රදේශවලට ඉහළින් මුදුන් වන බව ද සදහන් කරයි.