ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර එම ධූරයෙන් ඉවත් කර ඔහුගේ පක්ෂ සාමාජිකත්වය ද ඉවත් කර තිබේ.
සැප්තැම්බර් 05 වෙනිදා පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලිපියක් මගින් ඉවත් කිරීමේ නිවේදනය මන්ත්‍රීවරයාට යවා තිබේ.
එම ලිපියේ සඳහන් වන ආකාරයට සැප්තැම්බර් 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දයාසිරි ජයසේකරගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කරන බවත් ඔහුට තවදුරටත් පක්ෂයේ මහලේකම් තනතුරේ කටයුතු කළ නොහැකි ය.
ඊට අමතරව පක්ෂ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමටද සැලසුම් කර ඇති අතර ඔහුට එරෙහිව එල්ල වී ඇති විනය චෝදනා ඉදිරි දින 14 තුළ ලිඛිතව ඔහු වෙත යොමු කිරීමට සූදානම්ව තිබේ.
ඒ අනුව ජයසේකර වෙනුවට ශ්‍රීලනිපයේ වත්මන් වැඩබලන මහලේකම් සහ මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.