අයහපත් කාළගුණය හේතුවෙන් කල්දැමුණු දකුණු පළාතේ පාසල්වල දෙවැනි වාර විභාගය අද(16) සිට පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යංශය නිවේදනය කළේ, ගංවතුරින් බලපෑම් එල්ලවී ඇති අකුරැස්ස, මාතර හා මූලටියන කලාපවල වාර විභාග අද නොපැවැත්වෙන බවයි.
එම කලාපවල වාර විභාග, ඉදිරි දිනවලදී පැවැත්වීමට තීරණය කොට තිබේ.
මීට පෙර එම කලාපයේ පාසල් වාර විභාග පැවැත්වීමට සැලසුම් කර තිබුණේ, පසුගිය 12 වැනිදා ය.