2022 අංක 25 දරන සමාජාරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
බද්දට යටත් පිරිවැටුම 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි වසරකට රුපියල් මිලියන 120 සිට රුපියල් මිලියන 60 දක්වා අඩු කිරීම සඳහා අදාළ බදු පනත සංශෝධනයට පසුගිය ඔක්තෝබර් 30 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබිණි.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත සඳහා වන නීතිපති නිෂ්කාෂනය ද මේ වනවිට ලැබී තිබේ.
මීට අමතරව මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්,ආර්ථික ස්ථායීකරණ ඇමතිවරයා ලෙස ජනපති ගෙන ආ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.