ඇමරිකාවේ නිව්යෝර්ක් හි සොතෙබිස් ආයතනයේ සිදුකරන ලද වෙන්දේසියකදී නැසී ගිය ඩයනා කුමරිය පරිහරණය කරන ලද සුදු බැටළුවන් පේළියක් අතරෙහි කළු බැටළුවෙකු සිටිනා රතු පැහැති ස්වෙටරය ඇමරිකානු ඩොලර් මිලියන 1.14 කට එනම් පවුම් 920,000 වෙන්දේසි වී තිබේ.
මේ සඳහා ලංසු තැබීම ඩයනා කුමරිය මියගිය අගෝස්තු 31 වනදා විවෘත කළ අතර ලංසුව අවසාන වන මිනිත්තුව දක්වාම විවිධ පුද්ගලයින් ලංසු තැබීම නවතා නොතිබිණි.
කුමරියගේ බැටළු ජම්පරයේ වටිනාකම සොතෙබිස් ආයතනය විසින් ඩොලර් 50,000 සිට 80,000 දක්වා ගණන් බලා තිබුණු අතර අවසානයේ එම ස්වෙටරය ජයගත් ජයග්‍රාහී ලංසුකරු ඔහුගේ අනන්‍යතාවය හෙළි කිරීමට අකැමැති විය.
මීට පෙර ඩයනා කුමරියගේ Ford Escort රථය, 2022 වසරේ ඩොලර් 806,000 ආසන්න මුදලකට වෙන්දේසි විය.