රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලමින් මෝසමක් ගොනුකර තිබේ.
සමාජ ක්රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම මෝසම අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට තිබේ.
මින් පෙර අදාළ පෙත්සමට බෙදුනු නඩු තීන්දුවක් ලබා දීම හේතුවෙන් අදාළ පෙත්සම යළිත් ත්රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට අධිකරණය ඉකුත්දා තීන්දු කළේය.
ඒ අනුව අදාළ පෙත්සම ලබන සැප්තැම්බර් 14 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබෙන බව පෙත්සම්කරු සඳහන් කරයි.