නියෝජිතයන් 100කට අධික පිරිසක් මේ චාරිකාවට එකතු වූහ.
ජූලි මස 30 වන දින මිරකල් ඩෝම් හි සියලු දෙනා විසින්ම ජපන් නියෝජිතයන් 100කට අධික පිරිසක් පිළිගනු ලැබීය. ජපන් ලිලී ආත්මික සංචාරක කණ්ඩායමේ දිවයින පුරා සංචාරක ගමන් මඟේ සමාරම්භක සංචාරක ස්ථානය ලෙස ඔවුන් ප්‍රකට මිරකල් ඩෝම් තෝරාගෙන තිබූහ. මෙම නියෝජිතයන් සියලු දෙනාවම මහිමාන්විත සභාවේ සභාපති දේවගැති හරින් ප්‍රනාන්දු විසින් මහිමාන්විත සභාවේ දේව මෙහෙය ආරම්භ කිරීමට පෙර පිළිගනු ලැබීය.
ආත්මික සත්‍යයන් සොයා යාමේ සහ පිබිදීමේ අරමුණ පෙරදැරි කරගත් සෑම තරාතිරමක ජපන් ජාතිකයන්ගෙන් මෙම නියෝජිත කණ්ඩායම සමන්විත විය. ලිලී කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ, ලිලී සංස්ථාවේ සභාපති සහ නියෝජිත අධ්‍යක්ෂිකාව වන යුරි ෆුකුයා විසිනි. ඇය, Chords of Singers/General Association (NIGIOTO) හි නියෝජිත අධ්‍යක්ෂිකාව වන අයාකා මොනොන්බේ සමඟ එදින විශේෂ ගීතයක් ගායනා කරන ලදී. මහිමාන්විත සභාව සහ දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු සේවය මෙම පළමු නියෝජිත පිරිසට සත්කාරකත්වය සැපයීම ආශිර්වාදයක් කොට සලකයි.
ජපන් ලිලී සංචාරක කණ්ඩායමේ අරමුණ වන්නේ වරින්වර ආත්මික චාරිකා සදහා ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන ඒමයි. මෙය දිගුකාලීනව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට රුකුලක් වනු ඇත. ආත්මික සංචාරය, එනම් වන්දනා ගමන් සදහා මෙරටින් විශාල පිරිස් වෙනත් රටවල් වලට ගියද, මෙරටට මෙපමණ පිරිසක් ආත්මික පදනම මත පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ. දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දුගේ අනුදැනුම යටතේ අප සේවය මගින් දියත් කරනු ලබන ජාත්‍යන්තර අමුත්තන්ගේ වැඩසටහන මඟින් විදේශ රටවලින් මෙරටට පැමිණෙන අමුත්තන්ව ඉතා උද්යෝගයෙන් පිළිගනු ලබන අතර, මෙම ප්රයත්නය මඟින් නිසැක වශයෙන්ම සංචාරක ක්ශේත්‍රයේ නව දොරටු රැසක් විවෘත වීම පමණක්ම නොව, රටවල් සමඟ සංස්කෘතික හුවමාරුව සහ අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය වීම සිදු කරයි. තවත් බොහෝ පිරිසක් සමඟින් සිදු කෙරෙන මෙම සංචාරය මඟින් රටට අත්‍යවශ්‍ය විදේශ විනිමයද ලැබෙනු ඇත.