ජපන් රජයේ මූල්‍ය ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙරට දිස්ත්‍රික්ක කිහිපයක වී වගාව කරන ගොවීන් වෙත පරිත්‍යාග කළ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8359ක් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා වෙත ඊයේ (07) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී නිල වශයෙන් භාර දෙනු ලැබීය.
මෙම යූරියා පොහොර තොගය කුරුණෑගල, වවුනියාව, මුලතිව්, යාපනය, මඩකළපුව. මන්නාරම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල හෙක්ටයාර් එකක් වගා කරන ගොවීන් සඳහා කිලෝග්‍රෑම් 50ක් හා හෙක්ටයාර් භාගයක් වගා කරන ගොවීන් සඳහා කිලෝ ග්‍රෑම් 25ක් ද වශයෙන් නොමිලයේ ලබා දීමට නියමිතය.
ජපාන තානාපති කාර්යාලයේ ප්රචාරක අංශ නියෝජ්‍ය අංශ ප්‍රධානී (Deputy Head of the mission ) Katsuki Kotaro, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න හා UNFAO නියෝජිත නලින් මුණසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම ඇමැතිවරයා පැවැසුවේ ජපන් රජය ශ්‍රී ලංකාවේ ගොවීන් වෙත ලබා දුන් මෙම පරිත්‍යාගයන් පිළිබඳව සිය ස්තුතිය පිරිනමන බවයි. දැනට පවතින නියඟය තත්ත්වය හේතුවෙන් හානි සිදු වී ඇති උඩවලවේ ප්‍රදේශයේ වී වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා සමනලවැවෙන් ජලය ලබා ගැනීමේ යෝජනාව නැවත වරක් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා මෙහිදී කීය.
එමෙන්ම මෙවැනි නියඟ තත්ත්වයක් සම්බන්ධයෙන් ඒ සම්බන්ධව ආණ්ඩුව දැනුවත් කළ යුතු අංශවලින් නිවැරදි පූර්ව දැනුම්වත් කිරීමක් සිදු වී නොමැති බව පෙනී යන බව ද ඇමැතිවරයා කීය. ගොවි ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙතෙක් ගෙන ආ කැබිනට් යෝජනා සියල්ලටම ජනාධිපතිතුමන් අනුමැතිය ලබා දුන් බවත් අප එය අමතක නොකළ යුතු බවත් ඇමැතිවරයා පැවැසීය.
මෙහිදී අදහස් පළ කළ ජපාන තානාපති කාර්යාලයේ කට්සුකි කොටාරා මහතා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට යෝජනා කළ ප්‍රතිසංස්කරණයන් සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉතාමත් දක්ෂ ලෙස හා කැපවීමෙන් අවශ්‍ය ඉලක්ක කරා මෙහෙයවමින් සිටින බවයි. එමෙන්ම සෑම විටම ජපාන රජය ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහයෝගය ලබා දෙන බව ද ඒ මහතා පැවසීය.
ඡායාරූපය
රුක්මාල් ගමගේ
බුද්ධිකා ඉඹුලාන