දෙදින නිල සංචාරයක් සදහා ජනපති රනිල් වික්‍රමසිංහ අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම සංචාරයේ දී ඔහු එරට ජනපතිනී හලීමා යාකොබ් හමුවීමට නියමිත අතර තව ප්රමුඛ පෙළේ සාකච්ඡා වට කිහිපයකට ද සහභාගී වීමට නියමිත බව ජනපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේය.
මේ සංචාරය සඳහා ජනපතිවරයා සමඟ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යේෂඨ උපදේශක සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, හා ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන අය එක් විය.
ජනාධිපතිවරයා රටින් පිටව සිටිනා කාලයේ දී ඔහුගේ විෂය පථයට අයත් අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් හතර දෙනෙකු නම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද; මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස ද; තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස සහ සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.