ගාසා තීරයේ යුධ ගිනි ඇරඹී අදට (18) සතියකුත් දවස් කිහිපයක් ගතවී තිබේ.
ඇමරිකානු ජනපති ජෝ බයිඩන් අද ඊශ්‍රායලයේ සංචාරයක් සඳහා පැමිණියේය. ඔහුගේ පැමිණීම සිදුවූයේ ඊයේ (17) දිනයේ ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල වී පැය 24ක් යාමටත් මත්තෙනි. එම ප්‍රහාරයෙන් 500ක පමණ පිරිසක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රථමයෙන් පලස්තීනය නිවේදනය කළේ මෙම ප්‍රහාරය ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් වන බවයි. නමුත් පසුව පසුව අනාවරණය වූයේ හමාස් ස්ටන්කරුවන්විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයක් වැරදීමෙන් මෙම රෝහලට එල්ල වී ඇති බවයි.
ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අගමැති අතර හමුව අද දහවල් වරුවේ ටෙල් අවිව් වලදී පැවැති අතර එහිදී ජනපති බයිඩන් වොෂින්ටනය ඊශ්‍රායලයට ආරක්ෂා වීමට අවශ්‍ය ඕනෑම සහයක් සපයන බව අවධාරණය කළේය.
මීට අමතරව ඉරානය , ටියුනීසියාව , ලෙබනනය , ජෝර්දානය ආදී මැද පෙරදිග රටවල් බොහොමයක ගාසා තීරයේ රෝහලට එල්ල වූ ප්රහාරාය පිටු දකිමින් ඊශ්‍රායලයට විරුද්ධව උද්ඝෝෂණ මාලා ආරම්භ වී තිබේ.
මේ අතර චීනය ද ගාසා හි රෝහලට එල්ල වූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ.
මේ සියලුම සිදුවීම් මඟින් පෙනී යන්නේ ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුම් සඳහා මේ වනතෙක් විසදුමක් නොමැති බවයි.