පොලිස්පති ධුරය පුරප්පාඩු නොවන බවත් ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කළ නොහැකි බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදු කරමින්.
මැතිවරණ කොමිසම් සභාව විසින් ජනාධිපතිවරණ දින නිවේදනය කර ඇති මොහොතක වැඩබලන පොලිස්පති කෙනෙක් පත් කිරීමට ජනාධිතිවරයාට ප්රතිපාදන නොමැති බව අගමැතිවරයා සඳහන් කළා.
තවමත් පොලිස්පති ධුරය දරන්නේ වත්මන් පොලිස්පතිවරයාම බව අග්රාමාත්යවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියා.