චීනය විසින් රාජ්‍ය නිලධාරීන්ට ඇපල් අයිෆෝන්(iPhone) භාවිතය තහනම් කිරීමට තීරණය කර තිබේ.
මෙම තීරණයෙන් පසුව ඇපල් සමාගමේ කොටස් මිල ගණන් 3.6% කින් පහත වැටි ඇති අතර, එය මසකදී වාර්තා වූ විශාලතම දෛනික පහත වැටීම වේ.
චීනය කොවිඩ් වසංගතයට පෙර සිටම iPhone භාවිතය අවම කරගෙන තිබූ බව පෙන්වා දෙන චීන මධ්‍ය, වර්තමානය වන විට චීන රාජ්‍ය නිලධාරීන් දේශීය සමාගමක් වන හුවාවේ (Huawei) සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන සුහුරු ජංගම දුරකථන භාවිතය නැඹුරුතාවක් දක්වන බවද වාර්තා වේ.
මෙය ඇමරිකාව චීන තාක්ෂණයට එරෙහි වීම නිසා එයට චීනය විසින් සිදුකරනා පළිගැනීමක් ලෙසද ජාත්‍යන්තර මාධ්‍ය මේ පියවර පෙන්වා දෙයි.