චීනය සිය විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, සීග්‍රයෙන් වයස්ගත වන ජනගහනයට සහ උග්‍ර විශ්‍රාම වැටුප් අරමුදල් අර්බුදයකට මුහුණ දීමේ පියවරක් ලෙස බවත් පැවසෙයි.
කෙසේවෙතත් ඊට පුරවැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇතැයි සඳහන් ය.
දැනට පවතින තත්ත්වය තුළ නාගරික ප්‍රදේශවල පිරිමින්ට වයස අවුරුදු 60 දීත් කාන්තාවන්ගේ වයස වෘත්තිය මත පදනම්ව 50දී හෝ 55දී විශ්‍රාම ගැනීමට හැකිය.
එහෙත්, චීනයේ ග්‍රාමීය ශ්‍රම බලකාය සම්පූර්ණයෙන්ම වෙනස් විශ්‍රාම ක්‍රමයක් යටතට වැටෙන බවද පැවසෙයි.
කෙසේවෙතත් ඉදිරි වසර 5 තුළ විශ්‍රාම වයස් සීමාව ක්‍රමක්‍රමයෙන් ඉහළ දැමීමට සැලසුම් කර තිබේ.