අමෙරිකාව මෙන්ම අග්නිදිග ආසියාතික කලාපයේ අමෙරිකානු හිතවාදී රටවල් විසින් චීනය ආර්ථික බලවතෙකු මෙන්ම කලාපීය සන්නද්ධ බලවතෙකු වීම සම්බන්ධයෙන් නුරුස්සන ස්වභායක් පෙන්නුම් කරයි.
එමනිසා විශේෂයෙන් ඉන්දීය සාගරය කේන්ද්‍ර කොටගෙන නව නාවික බලමුළුවක් නිර්මාණය කිරීමට අමෙරිකානු ආරක්ෂක අංශ සැලසුම් සකස් කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඒ සඳහා පිලිපීනය, නැගෙනහිර ටිමෝරය සහ පැපුවා නිව්ගිනියා රාජ්‍යය මෙන්ම ඔස්ට්‍රේලියාවට අයත් දිවයින් පෙළක් පිළිබඳව අවධානය යොමුවී ඇති බව වාර්තා වී තිබේ.
ඔස්ට්‍රේලියානු මව් භූමියේ සිට කිලෝමීටර 3000ක් පමණ බටහිර දෙසින් පිහිටි කොකෝස් දිවයින් මේ ආකාරයට අමෙරිකාවේ නව නාවික බලමුළුව සඳහා යෝජනාවී ඇති දිවයින් පෙළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
600ක පමණ ජනගහණයක් සහිත මේ දිවයින් පෙළ ඉන්දීය සාගරයේ රහස්‍ය තොරතුරු ගවේෂණයට වැදගත් වන බව ඔස්ට්‍රේලියාවේ ද අදහසය.
විශේෂයෙන් ඉන්දීය සාගරයේ චීන සබ්මැරීන ක්‍රියාකාරකම් ඉහළයෑම සමඟ එහි වැදගත්කම ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දී තිබේ.
අමෙරිකානු නාවික හමුදා සිය නව නාවික හමුදා යටිතල පහසුකම් සංවර්ධන සැලැස්මට කොකෝස් දිවයින ද ඇතුළත් කර ඇති අතර, ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ අවසරය ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය සාගරයේ කොකෝස් දිවයින් හි නව කඳවුරක් තැනීමට සැරසෙනුයේ උතුරු ඔස්ට්‍රේලියාවේ ඩාවින්හි ක්‍රියාත්මක අමෙරිකානු හමුදා සංචිතයට අමතරව වන අතර වසරකට මාස 06ක කාලසීමාවක් තුළ 2000ක පමණ අමෙරිකානු භට පිරිසක් ඩාවින්හි නාවික ක්‍රියාකාරකම්වල නිරතවනු ඇත.
ඉන්දීය සාගරයේ දියෝගෝ ගාෂියා දිවයිනේ ද අමෙරිකානු නාවික කඳවුරක් ක්‍රියාත්මක වුවත් මලක්කා සමුද්‍ර සන්ධියට ආසන්නයේ පිහිටීම නිසා අමෙරිකාව කොකෝස් දිවයින් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබේ.
චීනයේ තෙල් සැපයුම්වලින් අඩක් පමණ සිදුවනුයේ මලක්කා හමුදා සන්ධිය හරහාවීම මෙහි විශේෂත්වයකි.
මේ අතර චීනයෙන් එල්ල වන අභියෝග හා බලපෑම් මධ්‍යයේ සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස පිලිපීනයේ සහ වියට්නාමයේ වෙරළාරක්ෂක භටයන් ද ඒකාබද්ධ අභ්යාසයකයට සූදනම් වෙයි.
එය අගෝස්තු 9වනදා ආරම්භ වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මතභේදාත්මක දකුණු චීන මුහුදු කලාපයේ ඇතැම් කොටස් සඳහා පිලිපීනය සහ වියට්නාමය ද හිමිකම් කියයි.